ශ්‍රී ලංකාව තුළ වඩාත් ප්‍රචලිතව වගා කරනු ලබන බතල, මඤ්ඤොක්කා, කිරි අල, බීට්, ගෝවා, කැරට්, ලීක්ස්, රතුළූණූ, බටු, බණ්ඩක්කා, බෝංචි, මාළු මිරිස්, තක්කාලි, කරවිල, වට්ටක්කා ඇතුළු එළවළු හා අල වර්ග සඳහා මෙම වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්ෂණාවරණය සපයනු ලැබේ. මෙහි සඳහන් අල වර්ග සහ එළවළු වගාවන්ට අමතරව ඔබ ප්‍රදේශයට අවේණික වූ අල වර්ග සහ එළවළු වගාවන් සඳහා වගා පිරිවැය පදනම් කර ගෙන ඉහත සඳහන් පරිද්දෙන් එම වගාවන් සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීමට හැක.

අල වර්ග හා එළවළු වගා රක්ෂණ යෝජනා ක්‍රමය ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි හා වන අලි හානි යනාදී අවදානම් ආවරණය කෙරේ.

අංකයරක්‍ෂණ යෝජනා ක්‍රමයරක්‍ෂිත මුදල රු. (අක්කරයක් සඳහා උපරිමය)රක්‍ෂණ වාරිකය (අක්කරයක් සඳහා රක්‍ෂිත මුදලින්)මූලිකව ආවරණය වන අවදානම්
1බතල100,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
2මඤ්ඤොක්කා100,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
3කිරි අල100,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
4බීට්200,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
5ගෝවා300,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
6කැරට්300,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
7ලීක්ස්200,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
8රතුළූණූ400,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
9*බටු180,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
10*බණ්ඩක්කා90,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
11*බෝංචි200,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
12*මාළු මිරිස්300,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
13*තක්කාලි300,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
14*කරවිල175,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
15*වට්ටක්කා100,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි

ඉහත සඳහන් වගාවන්ට අමතරව එක් එක් ප්‍රදේශයට අවේණික ක්‍ෂේත්‍ර භෝග සඳහා රක්ෂණය ඉල්ලුම් කරන අවස්ථාවලදී ඉල්ලුම් කරන අවස්ථාව වන විට පවතින වගා පිරිවැය පදනම් කරගෙන එම වගාවන් සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීමට හැක.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වගාවන් රක්ෂණය කිරීමේදී අවශ්‍යතාවය පරිදි පහත සඳහන් අමතර ආවරණයන්ද ලබා දීමට හැකියාව පවතී.

ආවරණයරක්‍ෂිත මුදලින්
වන සතුන්ගෙන් වන හානි(වන අලි හානි හැර)1%
*වරින් වර අස්වනු නෙලන වගාවන් සඳහා පළමු අස්වැන්න නෙලීමේ දින සිට ඉදිරියට දින 14ක් සඳහා රක්‍ෂණ ආවරණය1%

*වරින් වර අස්වනු නෙලන වගාවන් සඳහා පළමු අස්වැන්න නෙලීමෙන් පසු රක්‍ෂණය අවලංගු වේ. මෙම අමතර ආවරණය ලබා ගෙන ඇති විටකදී රක්‍ෂිත හේතුවකින් වගාවට සිදුවන හානි සඳහා වන්දි මුදල් නිදහස් කරනු ලැබේ. මේ යටතේ වෙළඳපොළ අහිමි වීම ආවරණය නොවේ.

ආවරණය වන අක්කර ප්‍රමාණය(එක් ඒකකයක් සඳහා අවමය)

සෑම භෝගයක් සඳහාම අවමයෙන් අක්කර ¼ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබේනම් පමණක් එම වගාව රක්‍ෂණය කිරීමට කටයුතු කල යුතුය.

ඔබගේ වගාව සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීමට,

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි දිස්ත්‍රික් කාර්යාල/ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයින්/ ඔබ ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් හමුවන්න.

×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× How can I help you?