ගොවීන් සඳහා නව කෘෂිකාර්මික රක්‍ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයක් අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි දියත් කෙරේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි නව කෘෂිකාර්මික රක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇත.

මෙම විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයේ ඇති වැදගත්කම වන්නේ ගොවීන්ට පමණක් නොව වෙනත් වෘත්තීන්හි නියැලෙන්නන්ටද එයින් ප‍්‍රතිලාභ හිමිවීමයි.

මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයේ සමාරම්භය අද (31) පෙරවරුවේ කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී සිදු විය. විශ‍්‍රාමිකයින් පනස් නව දෙනෙකුට රක්ෂණ ප‍්‍රතිලාභි සහතික ප‍්‍රදානය කිරීම අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු විය. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, කෘෂිකර්ම රක්‍ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.එම්.එම්.බී.වීරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ පුද්ගලයන්ට ආදායම අනුව විශ්‍රාම වැටුප තීරණය කර විවිධ වයස් කාණ්ඩ යටතේ දායක විය හැක.

 

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර.

“මම 2018 වසරේ කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී මිරිස්, වී, බඩඉරිඟු, සෝයා බෝංචි, අර්තාපල්, ලොකු ළූණු ගොවීන්ට රු. අක්කරයකට 40,000 කි. වගා හානි වූ සෑම අවස්ථාවකම රුපියල් ලක්ෂයක වන්දියක් ලබා දුන්නා. දැන් මේ මුදල වැඩි කරන්න කියලා ගොවීන් ඉල්ලා සිටිනවා. එබැවින් කුඩා වාරිකයක් අයකර අක්කරයකට රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දෙන ලෙස කෘෂිකර්ම රක්‍ෂණ මණ්ඩලයට උපදෙස් දෙන ලදී. අපි හැකි ඉක්මනින් මේ රක්ෂණ ක්‍රමය ආරම්භ කරනවා.”

“මහ කන්නයේ වගාව දැන් පටන් අරන්. වී සහ බඩඉරිඟු සඳහා අවශ්‍ය යූරියා බෙදා දෙනවා. මෙම කන්නය සඳහා යූරියා සහ MOP යන දෙකම ලබා දෙනු ඇත. සමහරු කියනවා මඩ පොහොර නැහැ කියලා. කෙසේ වෙතත්, අප විසින් සිදු කරන ලද පාංශු පරීක්ෂණවලට අනුව, නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක දෙකක හැර පසෙහි පොස්පරස් අඩංගු වේ. මඩ පොහොර දෙන්න හැදුවත් සල්ලි දීලා ගන්නවත් බැහැ. නමුත් USAID ආයතනය ලබන ජනවාරියේ මඩ පොහොර මෙ.ටොන් 36,000ක් ලබා දෙනවා. ඒ අනුව ඉදිරි යල කන්නයේදී ගොවීන්ට නොමිලයේ මඩ පොහොර ලබා දෙනවා.”

“අපි පසුගිය යල කන්නයේ හෙක්ටයාරයකට යූරියා කිලෝ 100ක් ලබා දුන්නා. මෙවර හෙක්ටයාරයකට යූරියා කිලෝග්‍රෑම් 170ක් ලබා දෙනවා. ඒ නිසා විවිධ දේශපාලන පක්ෂවල ඇතැම් ගොවි නියෝජිතයන් පොහොර නැති බවට කරන ප්‍රකාශ වැරදියි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ගොවීන්ට උපරිම සහන ලබා දෙනවා.” යැයිද අමාත්‍යවරයා පැවසීය.

 

×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× How can I help you?