කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශයේ සහ ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ උපදෙස් මත ධීවර කර්මාන්තයේ යෙදෙන කිමිදුම් කරුවන් වෙනුවෙන් හදිසි අනතුරු ආවරණය රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වාදීමට සැලසුම් කර ඇත.
ඒ සම්බන්ධයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන කිමිදුම් කරුවන්ගෙන් යෝජනා අදහස් ලබා ගැනීම සඳහා සමස්ත ලංකා කිමිදුම් කරුවන්ගේ ජාතික මධ්‍යස්ථානයේ නියෝජිතයින් සමග සාකච්ඡාවක් අද දින (2025.08.21) කෘෂි රක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පවත්වන ලදී.
එහිදී මේ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු සාකච්ඡා කළ අතර නැවතත් වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිතය.
මේ සඳහා සමස්ත ලංකා කිමිදුම්කරුවන්ගේ ජාතික මධ්‍යස්ථානයේ සභාපති ඇතුළු නියෝජිත කණ්ඩායමක් සහභාගි විය.