අනිවාර්ය වගා රක්ෂණ ක්‍රමවේදය යටතේ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකුළූණු සහ සෝයා යන වගාවන් සඳහා රජයේ රක්ෂණ වාරික දායකත්වය මත අක්කරයකට රු.40,000/= ආවරණයක් ගංවතුර, නියඟය සහ වන අලි හානි සඳහා පමණක් හිමිවේ.
මෙයට අමතරව වර්තමානයේ දී වගා පිරිවැය වැඩිවී ඇති බැවින් අවශ්‍යතාවය පරිදි අක්කරයකට රු.100,000/= රක්ෂණාවරණයක් රු. 6,400/= වාරික මුදලකට ලබාගත හැක.

අක්කරයට රක්ෂිත මුදල රු. 100,000ට අඩු නම් ගංවතුර, නියඟය ඇතුළු සියලු ස්වභාවික උවදුරු හා වන අලි යන අවදානම් ආවරණය කෙරෙන අතර රක්ෂිත මුදල රු. 100,000 හෝ ඊට වැඩි නම් සියලු අවදානම් ආවරණය කෙරේ.

බෝගයරක්ෂණාවරණය අක් : 01වාරිකයආවරණය වන අවදානම්
• වී • බඩඉරිඟු • මිරිස් • අර්තාපල් • සෝයා • ලොකු ළූණු40,000/=රජයේ රක්ෂණ දායකත්වය• ගංවතුර • නියඟය • වන අලි • කෘමි හානි - 200/= • රෝග - 200/= • ගිනි - 200/= • වෙනත් වන සතුන් - 800/=
• වී • බඩඉරිඟු • මිරිස් • අර්තාපල් • සෝයා • ලොකු ළූණු100,000/=6,400/=සියලුම අවදානම්

රක්ෂණාවරණ, වාරික මුදල් පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා අප මණ්ඩලයේ නියෝජිත මහතෙකු හමුවන්න.

ඔබගේ වගාව සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීමට,

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි දිස්ත්‍රික් කාර්යාල/ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයින්/ ඔබ ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් හමුවන්න.

×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× How can I help you?