කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

<හදිසි ආපදා තත්ත්වයන් හමුවේ දේශීය කෘෂිකර්මාන්තය හා කෘෂිකාර්මිකයා සුරක්ෂිත කිරීමෙහිලා රජය වෙත පැවරී ඇති වගකීම ඉටුකිරීමේ හා ආර්ථික හා සමාජයීය වශයෙන් තෘප්තිමත් විශ්‍රාමික කෘෂිකාර්මික ප්‍රජාවක් ගොඩනැඟීමේ අභිලාශ‍යෙන් ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, 1973 අංක 27 දරණ කෘෂි කෘෂිකර්ම රක්ෂණ පනත මඟින්, කෘෂිකාර්මික රක්ෂණය හා සමාජ ආරක්‍ෂණය වෙනුවෙන් වූ එකම රාජ්‍ය රක්ෂණ ආයතනය ලෙස ස්ථාපනය කරන ලදී. එය 1999 අංක 20 දරණ කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ පනත මඟින් කෘෂිකර්ම රක්‍ෂණ මණ්ඩලය, කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය ලෙස නැවත ස්ථාපිත කරන ලදී.
අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් වශයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයට බෝග, පශු, හා සාමාන්‍ය රක්‍ෂණ යන අංශ යටතේ කෘෂි රක්ෂණ ක්‍රමවේද හදුන්වා දීම මගින් කෘෂිකාර්මික අවදානම් කළමනාකරණ සඳහා දායක වෙමින්, හදිසි ආපදාවකදී ගොවි ජනතාවට සිදුවන ආර්ථික බිඳවැටීම් අවමකර ගැනීම සඳහා සහය වන අතර කෘෂිකාර්මික ණය ලබාදෙන මුල්‍ය ආයතනවලට සිය මුල්‍ය ස්ථාවරත්වය වර්ධනය කර ගැනීමට ද උපකාරී වේ.

තවද, සමාජ ආරක්ෂණ ක්‍රමවේද හදුන්වා දීම මඟින්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය හා සම්බන්ධව සිටින ගොවීන්ගේ විශ්‍රාමික දිවිය සුරක්‍ෂිත කිරීමට දායක වන අතර වෛද්‍යාධාර යෝජනා ක්‍රම හරහා රෝහල් ගත වීමකදී ගොවීන් හට මුල්‍යමය සහනයක් ලබා දීමට ද කටයුතු කෙරේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකාර්මික අවදානම් කළමනාකරණය හා සමාජ ආරක්ෂණය යටතේ දේශීය කෘෂිකාර්මිකයා වෙත අඛණ්ඩ සේවාවක් සිදු කරනු ලබයි.

දැක්ම

දේශීය කෘෂිකර්මාන්තයේ අග්‍රගන්‍ය රැකවලාවීම තුලින් දකුණු ආසියාවේ පරමාදර්ශී කෘෂි රක්ෂණ ආයතනය වීම.

මෙහෙවර

කෘෂි අවදානම් කළමනාකරණය සහ ආර්ථික හා සමාජමය වශයෙන් තෘප්තිමත් ගොවි හා ධිවර ප්‍රජාවක් ගොඩනැගීම සදහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි විශිෂ්ට කෘෂිකාර්මික රක්ෂණ හා සමාජ ආරක්ෂණ සේවාවක් සැපයීම.

අරමුණු

  • කෘෂිකාර්මික වගාවන්ට අදාළ අවදානම් කළමණාකරණය

  • ගොවීන් සතු අනෙකුත් නිශ්චල හා චංචල දේපල සඳහා වන අවදානම් කළමණාකරණය

  • ගොවීන් සතු පශු සම්පත් වලට අදාළ අවදානම් කළමණාකරණය

  • සාමාජ ආරක්‍ෂණ, හා ජිවිත රක්‍ෂණ ක්‍රමවේද තුළින් ගොවි හා ධීවර ප්‍රජාව සුරක්ෂිත කිරීම

  • ආයතනයට අදාළ වන දේශීය හා ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබාගැනීම

  • සංවර්ධන, මෙහෙයුම් හා අලෙවි ප්‍රවර්ධනය

  • දිස්ත්‍රික් පරිපාලනය, කළමනාකරණය හා බාහිර ආයතන සම්බන්ධීකරණය

  • ආයතනික මානව හා භෞතික සම්පත් සැලසුම්කරණය හා සංවර්ධනය

  • ප්‍රසම්පාදන හා සැපයුම් කළමණාකරණය

  • පනත් ක්‍රියාත්මක කිරීමට අදාළ නෛතික සහාය ලබාදීම

  • ආයතනික අරමුණු ඉටුකරගැනීම සඳහා සැලසුම්කරණය, අධීක්ෂණය හා ඇගයීම් සිදුකිරීම

  • විධිමත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ගොඩනැගීම හා පරිපාලන ක්‍රියාවලියේ දුර්වලතා අවම කිරීම

  • ලාභදායි වර්ධනයක් තුළින් තිරසාර මුල්‍ය ශක්තියක් සහතික කිරීම

  • ආයතනික ක්‍රියාවලින් විධිමත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රමවේද හා GIS ක්‍රමවේද භාවිතය

අපගේ කාර්යය මණ්ඩලය

අපගේ ප්‍රධාන කාර්යාලය ගංගොඩවිල පිහිටා ඇති අතර ‌අප සේවාවන් සදහා අයදුම් කරන්නට අපගේ දිස්ත්‍රික්ක කාර්යාල හරහා සිදු කළ හැකියි. අයදුම් කිරීමෙන් පසුව අප නියෝජිත ජාලය මඟින් ඔබ සදහා අඛණ්ඩ සේවයක් ලබා දෙමු.

ප්‍රධාන කාර්යාලය

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය
අංක117, සුභද්‍රාරාම පාර, ගංගොඩවිල, නුගේගොඩ

දිස්ත්‍රික්ක කාර්යාල

අපට ශ්‍රී ලංකාව පුරා පිහිටා ඇති ශාඛා 30 ක් ඇත. අපගේ ශාඛා ජාලය ඔබට හොඳම දේ ලබා ගැනීමට උපකාර කිරීමට අපගේ වගකීමයි,

අපේ නියෝජිතයන්

ගාස්තු රහිත පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය 1918 පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීමට සහ විධිමත් කිරීමට සහ එහි ගනුදෙනුකරුවන්ට දැනුම් දීමේ අරමුණින්.

සභාපති තුමාගේ පණිවිඩය

ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා - සභාපති

1973 අංක 27 දරණ කෘෂිකර්ම පනත යටතේ ස්ථාපනය කර 1999 අංක 20 දරණ කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය, කෘෂිකාර්මිකයාගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා රක්‍ෂණ ආවරණ ලබාදීම සහ සමාජ ආරක්‍ෂණ ප්‍රතිලාභ පිරිනමනු ලබන එකම රාජ්‍ය කෘෂි රක්‍ෂණ ආයතනය වේ.
වර්තමානයේ ඇතිවී ඇති කාලගුණික හා දේශගුණික විපර්යාසයන් හා වෙනත් කරුණු නිසා කෘෂි කර්මාන්තයේ යෙදීසිටින ගොවි ජනතාවට ආදායම් ස්ථායීතාවය පිළිබඳ ගැටළුවක් හා වගාවන් විනාශවීමේ හේතුව නිසා ඔවුන්ගේ ආර්ථික ශක්තිය තවදුරටත් හීනවෙමින් පවතින උත්ගතවී ඇති බැවින් ඔවුන් කෘෂිකර්මාන්තය තුළ රඳවා තබාගැනීම සඳහා ස්ථාවර වැඩ පිළිවෙලක් සකස් කරගත යුතුව ඇත. ඒ පිළිබදව වඩාත් අවධානය යොමු කරමින් හා ගොවීන්ගේ අභිලාශයන් හදුනාගනිමින් වගා හානි හානි විද්‍යාත්මක ක්‍රමවේදයන් හරහා නිවැරදිව හා ක්ෂණිකව තක්සේරු කර කඩිනමින් වන්දි මුදල් නිදහස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ කටයුතු කෘෂි රක්‍ෂණ මණ්ඩලය විසින් මේ වන විටත් ආරම්භ කර නිරීක්‍ෂණ මට්ටමින් සිදුකරනු ලැබේ. මීට අමතරව රටේ පිළිගත් ආයතනයක් ලෙස ආයතනයේ සියළුම අංශ වලින් සිදුකරනු ලබන කාර්යයන් අංශ මෘදුකාංග පද්ධතියකට යොමු කර Online ක්‍රමවේද හරහා වඩාත් කඩිනමින් රක්‍ෂණ සේවාවන් ලබාදීමේ කටයුතු වල අවසන් අදියරේ පවතී.
මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අමතරව වර්තමාන ආර්ථික තත්වයන් පිළිබදව අවධානය යොමුකර අනාගත ජීවන වියදමට සරිලන අයුරින් වර්තමානයේ තමාගේ ක්‍රය ශක්තියට අනුව දායකත්වය ලබාගැනීමේ හැකියාව සහිතව සකස් කරන ලද විවිධ ප්‍රතිලාභ සහිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කර ඇති අතර එය ගොවි ජනතාවගේ ආකර්ෂණීය විශ්‍රාම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය බවට පත්ව ඇත.
වර්තමාන ‍වෙළදපොළ තරඟකාරීත්වයට මුහුණදීම සහ ගොවීන් වෙත වඩාත් ආකර්ෂණීය සේවාවන් සැපයීම උදෙසා ගොවීන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන රක්‍ෂණ යෝජනා ක්‍රම සහ සමාජ ආරක්‍ෂණ ක්‍රම ක්‍රියාත්මක කරමින් මණ්ඩලයේ දැක්ම වන “දේශීය කෘෂිකර්මාන්තයේ අග්‍රගන්‍ය රැකවලා වීම තුළින් දකුණු ආසියාවේ පරමාදර්ශී කෘෂි රක්‍ෂණ ආයතනය වීම“ යන අරමුණ කරා මණ්ඩලය ගමන් කරමින් සිටින බව ඉතා සතුටින් යුතුව සඳහන් කරමි.

අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ පණිවිඩය

පණ්ඩුක වීරසිංහ මහතා - අධ්‍යක්ෂ ජනරාල්

දශක හතරකට අධික අතීතයකට උරුමකම් ඇති කෘෂි රක්‍ෂණ මණ්ඩලය අතීත අත්දැකීම් වලින් ලත් පන්නරය තුළින් කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ නියුතු සියළුම පාර්ශ්වයන්ගේ අවශ්‍යතා ප්‍රශස්ථ මට්ටමින් ඉටුකළ හැකි සාර්ථක ආයතනයක් බවට ගොඩනඟා ඇත්තෙමු. අප සතු අත්දැකීම් සමුදාය තුළින් ශක්තිමත් රාජ්‍ය ව්‍යවසායක් බවට කෘෂි රක්‍ෂණ මණ්ඩලය පත්කොට කර්මාන්තයේ අවදානම භාරගැනීමේ මහඟු කාර්යයට උරදීමට සුදානමින් ඇත.
රාජ්‍ය ව්‍යවසායක් ලෙස අපගේ මුලික වගකීම වනුයේ දේශීය කෘෂි ආර්ථිකයේ සියළු අවදානම් අවම කිරීමයි. ඒ තුළින් දේශීය ආහාර නිෂ්පාදනය දියුණු කිරීම හා ප්‍රජාව කෘෂි කර්මාන්තයේ නිරත කිරීමේ ජාතික කර්තව්‍යයට අපගේ දායකත්වය ලබාදීමට සියළුම සේවක කොට්ඨාශයන් ඉදිරිපත්වී ඇති බව මෙහිදී සිහිගන්‍වන්නේ ඉමහත් සතුටිනි.
මෙම කර්තව්‍ය වඩාත් අර්ථවත් කිරීමේ අරමුණින් වර්තමානයේ ආයතනයේ කටයුතු ලෝකයේ පවතින ඉහලම නවීනතම තාක්ෂණයට අනුව ප්‍රතිසංවිධානයට ලක්කරනු ඇත. ඒ අනුව කෘෂිකාර්මික අවදානම් හඳුනා ගැනීමට හා හානි තක්සේරු කිරීම සඳහා නවීනතම තාක්ෂණය ආයතනයේ අභ්‍යන්තරයට පසුගිය අවුරුදු 05 තුළදී ලබා ගෙන ඇති අතර නව රක්‍ෂණ ක්‍රම හඳුන්වාදීමත්, පවතින රක්‍ෂණ ක්‍රම යාවත්කාලීන කිරීමත් සිදුකර ඇත. එසේම රක්‍ෂණ ක්‍රම ගම් මට්ටම දක්වා ගෙනයාමේදී රාජ්‍ය ආයතන, වාණිජ හා සංවර්ධන බැංකු සහ ව්‍යාපාරික ආයතනවල සහයෝගය ලබාගැනීමට හැකිවීම අප ලද වරප්‍රසාදයකි. එම ජාලය තවදුරටත් ස්ථාවර කරමින් අන්තර් ජාලය ඔස්සේ දේශීය මෙන්ම විදේශීය ප්‍රජාව කරා ප්‍රවිශ්ඨවීමට අවකාශ සළසා ගැනීම මණ්ඩලය ලැබු තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.

×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× How can I help you?