සංවර්ධන හා මෙහෙයුම් අංශය

පරමාර්ථ

සංවර්ධන, මෙහෙයුම් හා අලෙවි ප්‍රවර්ධනය දිස්ත්‍රික් පරිපාලනය, කළමනාකරණය හා බාහිර ආයතන සම්බන්ධීකරණය

කාර්ය භාරය

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ පනතට අදාළ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වගා රක්‍ෂණ, පශු සම්පත් රක්‍ෂණ, ජිවිත හා සාමාන්‍ය රක්‍ෂණ ක්‍රම හා සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රම ක්ෂේත්‍ර මට්ටමෙන් ක්‍රියාත්මක කරවීම, ප්‍රවර්ධනය කිරීම,මෙහෙයවීම හා අධීක්‍ෂණය කිරීම, දත්ත හා සංඛ්‍යාති රැස් කිරීම, එකී යෝජනා ක්‍රම සඳහා ප්‍රශස්ථ අලෙවි විභවතාවන් හදුනාගෙන ඉහළ කාර්ය සඵලතාවක් ඇති වන ආකාරයට ක්‍රියාත්මක කරවීම, මෙහෙයුම් ක්‍රියාවලිය සැලසුම් සහගත ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාම හා ඊට සම්බන්ධ කළමනාකරුවන් හා ක්ෂේත්‍ර කාර්ය මණ්ඩල මෙහෙයවීම.

මණ්ඩලයේ සියළුම රක්ෂණ යෝජනා ක්‍රම ක්ෂේත්‍ර මට්ටමින් ක්‍රියාත්මක කිරීම, මෙහෙයුම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම, අඛණ්ඩ සුපරීක්ෂණය, වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම(Operational Plan) සකස් කිරීම, අදාළ රක්ෂණ යෝජනා ක්‍රම ඉහළ කාර්ය සඵලතාවක් ඇති වන ආකාරයට ක්ෂේත්‍ර මට්ටමින් ක්‍රියාත්මක කරවීම සඳහා අධීක්ෂණ නිලධාරීන්ට හා අංශ ප්‍රධානිට සහය වීම නිශ්චිත ඉලක්ක ගත සැලසුම් ඔස්සේ රක්ෂණ යෝජනා ක්‍රම ක්ෂේත්‍ර මට්ටමින් ක්‍රියාත්මක කරවීම, දත්ත හා සංඛ්‍යාතී රැස්කිරීම, විශ්ලේෂණය කිරීම, ප්‍රවර්ධන හා දිරි ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

මණ්ඩලයේ වගා රක්ෂණ, ජිවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ, පශු සම්පත් රක්ෂණ, සෞක්‍ය රක්ෂණ හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම ඉහළ කාර්ය සඵලතාවක් ඇති වන ආකාරයට හා ප්‍රශස්ථ පාරිභෝගික සේවාවක් සැපයිය හැකි ආකාරයට අලෙවිකරණ ක්‍රියාවලිය සැලසුම් කිරීම හා මෙහෙයවීම. අලෙවිකරණ පර්යේෂණ කටයුතු හා ශක්‍යතා අධ්‍යන සිදුකරමින් අලෙවි විභවතාවන් හඳුනාගෙන ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කිරීම. ඒ සඳහා ප්‍රචාරක හා දැනුවත් කිරීමේ වැඩසටහන් සම්පාදනය කිරීම, අලෙවිකරණ ක්‍රමවේද භාවිතා කිරීම.

විධායක නිලධාරීන්

කේ.ඒ.ඩී.සී.ජී.කොඩිප්පිලි මහතා

අධ්‍යක්‍ෂ(මෙහෙයුම්) වැ.බ.

චතුර සමරවික්‍රම මහතා

සහකාර අධ්‍යක්‍ෂ (අලෙවි)
×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× How can I help you?