නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීම හේතුවෙන් ගොවීන්ට සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් නිදහස් කිරීමේ කාර්යය කෘෂි රක්ෂණ මණ්ඩලයට පවරා ඇත.
ඒ සඳහා රජය 2026 වර්ෂයේ අයවැය මගින් රුපියල් මිලියන 1200 ක් වෙන්කර ඇති අතර එම වන්දි කඩිනමින් ආපදාවට පත් ගොවීන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ගරු කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්යතුමා විසින් උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද දින (2026.01.08) මාතර දිස්ත්රික් ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් විශේෂ රැස්වීමක් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම රැස්වීම සඳහා අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්),
ගොවිජන සංවර්ධන නියෝජ්ය කොමසාරිස් මාතර,
දකුණු පළාත් නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂ මාතර,
ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු මාතර,
දිස්ත්රික් වාරිමාර්ග ඉංජිනේරු මාතර,
සහකාර සාමාන්යාධිකාරී (දකුණ) ජාතික ජල සම්පාදන මණ්ඩලය මාතර,
සහ කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ සභාපති, අධ්යක්ෂ ජනරාල්, අධ්යක්ෂ (රක්ෂණ), අධ්යක්ෂ (මුදල්), සහකාර අධ්යක්ෂ (රක්ෂණ) සහ සහකාර අධ්යක්ෂ (මාතර) සහභාගි විය.
මෙම ආපදාවය හේතුවෙන් හානියට පත්වූ වගාවන් සඳහා වන්දි ගෙවීමේ පළමු අදියර 2026 පෙබරවාරි වන විට අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර මණ්ඩලය මගින් කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බව සඳහන් කරන ලදී.