කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නැගෙනහිර පළාතට අයත් දිස්ත්‍රික් කාර්යාලයන් වන අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් කාර්යාල වල 2025 වර්ෂයේ ප්‍රගති සමාලෝචන රැස්වීම 2026.01.14 දින මඩකලපුව සර්වෝදය ප්‍රාදේශීය මධ් යස්ථානයේදී පැවැත්විණි.
එහිදී නිලධාරි මට්ටමෙන් ප්‍රගති සමාලෝචනය සිදුකළ අතර වැඩි ප්‍රගතියක් ලබාදී ඇති නිලධාරීන් ඒ සඳහා ලබා දුන් දායකත්වය ඇගයීමට ලක් කර සහතික පත්, සමරු තිලිණ ලබාදීම සිදු කරන ලදී.
නැගෙනහිර පළාතට අයත් දිස්ත්‍රික් කාරයාලවල ක්ෂේත්‍ර ගැටලු, කාර්යාල ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමද මෙහිදී සිදු කරන ලදී.
මේ සඳහා නැගෙනහිර පළාත් අධ්යක්ෂ, ඉහත දිස්ත්‍රික් කාර්යාල වල නියෝජ්‍ය/සහකාර අධ්යක්ෂවරු ඇතුළු කාර්යමණ්ඩලය සහභාගි වූ අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරි, රනිල් විමලරත්න මහතා, කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිතුමා, අධ්යක්ෂ (මෙහෙයුම්), සහකාර අධ්යක්ෂ (මුදල්) ඇතුළු නිලධාරීන්ද සහභාගී විය.