කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල් කාන්ත මැතිතුමා, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ගරු ටී.බී.සරත් මැතිතුමා සහ පොළොන්නරුව දිසාපති ඊ. එම්. ඩී.එස්. ඒකනායක යන සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
මීට අමතරව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සේවාවන් ලබා දෙනු ලබන නියෝජිතයන් ඇගයීම සඳහා සමරු තිළිණ සහ සේවා ඇගයීමේ සහතිකපත් ලබාදීමද මේ අවස්ථාවේදී සිදු කරන ලදී.
මෙම වැඩසටහන සංවිධානය කිරීම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සිදු කරන ලද අතර එහි සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ද මේ සඳහා සහභාගි විය.