කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය
<හදිසි ආපදා තත්ත්වයන් හමුවේ දේශීය කෘෂිකර්මාන්තය හා කෘෂිකාර්මිකයා සුරක්ෂිත කිරීමෙහිලා රජය වෙත පැවරී ඇති වගකීම ඉටුකිරීමේ හා ආර්ථික හා සමාජයීය වශයෙන් තෘප්තිමත් විශ්‍රාමික කෘෂිකාර්මික ප්‍රජාවක් ගොඩනැඟීමේ අභිලාශයෙන් ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, 1973 අංක 27 දරණ කෘෂි කෘෂිකර්ම රක්ෂණ පනත මඟින්, කෘෂිකාර්මික රක්ෂණය හා සමාජ ආරක්‍ෂණය වෙනුවෙන් වූ එකම රාජ්‍ය රක්ෂණ ආයතනය ලෙස ස්ථාපනය කරන ලදී. එය 1999 අංක 20 දරණ කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ පනත මඟින් කෘෂිකර්ම රක්‍ෂණ මණ්ඩලය, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ලෙස නැවත ස්ථාපිත කරන ලදී.
අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් වශයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයට බෝග, පශු, හා සාමාන්‍ය රක්‍ෂණ යන අංශ යටතේ කෘෂි රක්ෂණ ක්‍රමවේද හදුන්වා දීම මගින් කෘෂිකාර්මික අවදානම් කළමනාකරණ සඳහා දායක වෙමින්, හදිසි ආපදාවකදී ගොවි ජනතාවට සිදුවන ආර්ථික බිඳවැටීම් අවමකර ගැනීම සඳහා සහය වන අතර කෘෂිකාර්මික ණය ලබාදෙන මුල්‍ය ආයතනවලට සිය මුල්‍ය ස්ථාවරත්වය වර්ධනය කර ගැනීමට ද උපකාරී වේ.
තවද, සමාජ ආරක්ෂණ ක්‍රමවේද හදුන්වා දීම මඟින්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය හා සම්බන්ධව සිටින ගොවීන්ගේ විශ්‍රාමික දිවිය සුරක්‍ෂිත කිරීමට දායක වන අතර වෛද්‍යාධාර යෝජනා ක්‍රම හරහා රෝහල් ගත වීමකදී ගොවීන් හට මුල්‍යමය සහනයක් ලබා දීමට ද කටයුතු කෙරේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකාර්මික අවදානම් කළමනාකරණය හා සමාජ ආරක්ෂණය යටතේ දේශීය කෘෂිකාර්මිකයා වෙත අඛණ්ඩ සේවාවක් සිදු කරනු ලබයි.
1973 අංක 27 දරණ කෘෂිකර්ම පනත යටතේ ස්ථාපනය කර 1999 අංක 20 දරණ කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, කෘෂිකාර්මිකයාගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා රක්‍ෂණ ආවරණ ලබාදීම සහ සමාජ ආරක්‍ෂණ ප්‍රතිලාභ පිරිනමනු ලබන එකම රාජ්‍ය කෘෂි රක්ෂණ ආයතනය වේ.
දශක හතරකට අධික අතීතයකට උරුමකම් ඇති කෘෂි රක්‍ෂණ මණ්ඩලය අතීත අත්දැකීම් වලින් ලත් පන්නරය තුළින් කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ නියුතු සියළුම පාර්ශ්වයන්ගේ අවශ්‍යතා ප්‍රශස්ථ මට්ටමින් ඉටුකළ හැකි සාර්ථක ආයතනයක් බවට ගොඩනඟා ඇත්තෙමු. අප සතු අත්දැකීම් සමුදාය තුළින් ශක්තිමත් රාජ්‍ය ව්‍යවසායක් බවට කෘෂි රක්‍ෂණ මණ්ඩලය පත්කොට කර්මාන්තයේ අවදානම භාරගැනීමේ මහඟු කාර්යයට උරදීමට සුදානමින් ඇත.