වර්තමානය වන විට සියළුම වගාවන්හි වගා පිරිවැය වැඩි වී ඇති බැවින් එයට සාපේක්ෂව පහත සඳහන් වෙළඳපොළහි වැඩි ඉල්ලුමක් ඇති වගාවන් සඳහා රක්‍ෂණ යෝජනා ක්‍රම යාවත්කාලීන කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව අනිවාර්ය භෝග වගා රක්ෂණය පහත සඳහන් පරිදි සිදුකල යුතු අතර රජයේ රක්ෂණ වාරික දායකත්වය මත කෙරෙන මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ ස්වාභාවය රාජ්‍ය ප්‍රතිපත්තීන් වෙනස් වීම් මත සංශෝධනය කෙරෙනු ඇත.

අක්කරයට රක්ෂිත මුදල රු. 100,000ට අඩු නම් ගංවතුර, නියඟය ඇතුළු සියලු ස්වභාවික උවදුරු හා වන අලි යන අවදානම් ආවරණය කෙරෙන අතර රක්ෂිත මුදල රු. 100,000 හෝ ඊට වැඩි නම් සියලු අවදානම් ආවරණය කෙරේ.

රක්ෂණයේ ස්වාභාවයආවරණය වන අවදානම්රක්‍ෂණ වාරිකය (අක්කරයක් සඳහා රක්‍ෂිත මුදලින්
අක්කරයට රක්ෂිත මුදල රු.100,000/-ට අඩුගංවතුර, නියඟය ඇතුළු සියලු ස්වභාවික උවදුරු හා වන අලි
අක්කරයට රක්ෂිත මුදල රු.100,000/-සියළු අවදානම්අක්කයට රක්ෂිත මුදල රු.100,000/- නම් රක්ෂණ වාරිකය රු.100,000/- සඳහා 6.4% = 6,400/-
අක්කරයට රක්ෂිත මුදල රු.100,000/-ට වැඩිසියළු අවදානම්අක්කරයට රු.100,000/- දක්වා 6.4% රක්ෂණ වාරිකයට අමතරව රු.100,000/- ඉක්මවන මුදල සඳහා 9%ක අමතර රක්ෂණ වාරිකයක් අය කෙරේ.

ඔබගේ වගාව සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීමට,

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි දිස්ත්‍රික් කාර්යාල/ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයින්/ ඔබ ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් හමුවන්න.

×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× How can I help you?