දැනට ශ්‍රී ලංකාවේ වානිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන ඉඟුරු,කහ, කුරුඳු, ගම්මිරිස්, අන්නාසි, පැපොල්, කෙසෙල් යන බෝග සඳහා මෙම යෝජනා ක්‍රමය යටතේ රක්ෂණාවරණ සපයනු ලැබේ.

සෙසු භෝග වගා රක්ෂණ යෝජනා ක්‍රමය ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි හා වන අලි හානි යනාදී අවදානම් ආවරණය කෙරේ.

අංකයරක්‍ෂණ යෝජනා ක්‍රමයරක්‍ෂිත මුදල රු. (අක්කරයක් සඳහා උපරිමය)රක්‍ෂණ වාරිකය (අක්කරයක් සඳහා රක්‍ෂිත මුදලින්)මූලිකව ආවරණය වන අවදානම්
1ඉඟුරු200,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
2කහ700,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
3කුරුඳු400,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
4ගම්මිරිස්400,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
5*අන්නාසි400,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
6*පැපොල්300,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි
7*කෙසෙල්300,000.007%ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි, වන අලි හානි

ඉහත සඳහන් වගාවන්ට අමතරව එක් එක් ප්‍රදේශයට අවේණික ක්‍ෂේත්‍ර භෝග සඳහා රක්ෂණය ඉල්ලුම් කරන අවස්ථාවලදී ඉල්ලුම් කරන අවස්ථාව වන විට පවතින වගා පිරිවැය පදනම් කරගෙන එම වගාවන් සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීමට හැක.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වගාවන් රක්ෂණය කිරීමේදී අවශ්‍යතාවය පරිදි පහත සඳහන් අමතර ආවරණයන්ද ලබා දීමට හැකියාව පවතී.

ආවරණයරක්‍ෂිත මුදලින්
වන සතුන්ගෙන් වන හානි(වන අලි හානි හැර)1%
*වරින් වර අස්වනු නෙලන වගාවන් සඳහා පළමු අස්වැන්න නෙලීමේ දින සිට ඉදිරියට දින 14ක් සඳහා රක්‍ෂණ ආවරණය1%

*වරින් වර අස්වනු නෙලන වගාවන් සඳහා පළමු අස්වැන්න නෙලීමෙන් පසු රක්‍ෂණය අවලංගු වේ. මෙම අමතර ආවරණය ලබා ගෙන ඇති විටකදී රක්‍ෂිත හේතුවකින් වගාවට සිදුවන හානි සඳහා වන්දි මුදල් නිදහස් කරනු ලැබේ. මේ යටතේ වෙළඳපොළ අහිමි වීම ආවරණය නොවේ.

ආවරණය වන අක්කර ප්‍රමාණය(එක් ඒකකයක් සඳහා අවමය)

සෑම භෝගයක් සඳහාම අවමයෙන් අක්කර ¼ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබේනම් පමණක් එම වගාව රක්‍ෂණය කිරීමට කටයුතු කල යුතුය.

ඔබගේ වගාව සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීමට,

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි දිස්ත්‍රික් කාර්යාල/ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයින්/ ඔබ ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් හමුවන්න.

×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× How can I help you?